Thursday, February 28

Desktop එක record කර ගන්නෙ මෙන්න මෙහෙමයි...


                     
 ඔන්න මම අද අරගෙන ආවෙ අපේ Computer එකේ Desktop එක Record කරන්න සුපිරි software එකක්.... ඒක තමයි CamStudio කියන software එක. මේකෙන් පුලුවන් අපිට කිසිම අපහසුවකින් තොරව අපේ Desktop එකේ වෙන දේවල් Record කරන්න. සමහර Desktop Recorder වලින් වැඩ ගන්න ගියාම නොයෙකුත් ප්‍රශ්ණ වලට අපි මූණ පානවා . ඒවගෙම record කරන්නට ගියාම අපේ computer එක slow වෙන්න ගන්නවා. තව ප්‍රශ්න කෝටියක් ඇති වෙනව නේ... ඉතින් අන්තිමට software එකත් එක්කම එපා වෙනවා...ඒත් මේ software එකෙන් කිසිම ඒ වගේ කදරයක් වෙන්නේ නැතිව අපිට ඕනේ විදියට අපේ Desktop එක Record කරන්නට පුලුවන්.
Record කරගත්තු Video file එක Save වෙන්නේ AVI file එකක් විදියට. මේක ගොඩාක් පොඩි software එකක් වුනාට නියම වැඩ කාරයෙක්... හොදට recording කරගන්න පුලුවන්.... ඔයාලත් try කරලම බලන්නකෝ.... 



software එක මෙතනින් download කර ගන්න...






software එක open රා මේ විදියට තමයි පේන්නෙ.... use කරන්න හරිම ලෙසියි...


Blogger Tricks

Wednesday, February 27

Keyboard Shortcuts වලින් වැඩ පෙන්නමුද ?

  Keyboard Shortcuts



 

Shortcut කියන්නෙ ඉතින් අපේ වැඩ කෙටි මාර්ගෙකින් කරගන්න පුලුවන් ක්‍රම නේ.... ඉතින් ඒ ගැන දැනුමක් තියන එක ගොඩක් වටිනව අපේ වැඩ පහසු කර ගන්න... ගොඩක් අය දැනටමත් මේ shortcut වලින් ටිකක් use කරනවනේ... පුලුවන් හැම වෙලාවකම shortcut යොදා ගත්තොත් වැඩ ගොඩක් ලෙසිවේවි.... Try කරල බලන්නකො කොහොමද කියල....




අන්තර්ගතය :-


Windows Shortcuts
File Shortcuts
Normal Control Shortcuts
Help Shortcuts
Mozilla Firefox Shortcuts
G-mail Shortcuts
F1-F9 දක්වා
 
Windows shortcuts


Shift + F10 - දකුණු පස මෙනුව.
Win + L (වින්ඩෝස් XP සදහා පමනි) : ලොගය වසා දෑමිම
Win + F : හෝ F3 සෙවුම් වින්ඩෝව
Win + Control + F : පරිගණක සෙවුම් වින්ඩෝව
Win + U : ප්‍රයෝජනවත් සේවා
Win + F1 : උදව් සේවාව
Win + Pause : පද්දති ගුණ සේවාව
Win + Tab : වෑඩසටහන් පෙන්විම
Win + Shift + Tab : වෑඩසටහන් ඉදිරියට ගෑනිම
Alt + Tab : වෑඩසටහන් ( සම්ප්‍රදායික )
Alt + Shift + Tab : වෑඩසටහන් ඉදිරියට ගෑනිම ( සම්ප්‍රදායික )
Alt + Escape : ක්‍රියාත්මක වින්ඩෝ අකාරාදි පිලිවෙලට පසුපසට යෑවිම
Alt + Shift + Escape : ක්‍රියාත්මක වින්ඩෝ අකාරාදි පිලිවෙලට ඉදිරියට යෑවිම
Alt + F4 : ක්‍රියාත්මක වින්ඩෝ වසා දෑමිම
සංයුක්ත තෑටි ඈතුලු කර ඈති විට Shift බොත්තම එබිම : ස්වංක්‍රීය දාවනය විමට වෙනත් ක්‍රමයක්
ලොග් වෙන අතරතුර Shift බොත්තම එබීම :  Startup ගොනුව විවෘත වීම
Ctrl + Alt + Delete හෝ Ctrl + Alt + ඉලක්කම් පුවරුවෙ Del : කාර්ය්‍ය කලමනාකරණ වින්ඩෝව
Ctrl + Shift + Escape (2000/XP ) හෝ (Ctrl + Alt + ඉලක්කම් පුවරුවෙ තිත) : කාර්ය්‍ය කලමනාකරණ වින්ඩෝව ( සම්ප්‍රදායික )
Print screen : තිරයේ කොපියක් ගෑනිම
Alt + Print screen : දෑනට ක්‍රියාත්මක තිරයේ කොපියක් ගෑනිම.
Ctrl + Alt + පහල ඊතලය : පරිගණක තිරය යටිකුරු කිරිම
Ctrl + Alt + ඉහල ඊතලය : පරිගණක තිරය නෑවත උඩුකුරු කිරිම
Win + B : ඉලක්කය අයිතම වෙත ගෑනීම

File Shortcuts


Ctrl + C හෝ Ctrl + Insert - කොපි කිරිම
Ctrl + X හෝ Shift + Delete : කපා දෑමීම
Ctrl + V හෝ Shift + Insert : ඈලවීම
Ctrl + N : අලුත් ගොනුවක් විවෘත කර ගෑනීම
Ctrl + S : සුරෑකීම
Ctrl + O : විවෘත කිරිම
Ctrl + P : මුද්‍රණය කිරීම
Ctrl + Z : නෑවත ස්තාපනය
Ctrl + A : සියල්ලම එකතු කිරිම
Ctrl + F : සෙවීම
Ctrl + W : දෑනට බාවිතයේ ඈති වින්ඩෝව වසා දෑමීම
Ctrl + F4 : සිමිත වෑඩසටහන් වසා දෑමීම
F1 : උපකාරක සේවා
F11 : සම්පූර්න වින්ඩෝව සක්‍රීය කිරිම
Alt හෝ F10 : මෙනු ක්‍රියාත්මක කිරිම
Alt + Space : පද්දති මෙනු විවෘත කිරිම
Escape : ක්‍රියාත්මක වින්ඩෝව වසා දෑමීම
 
Tab - අයිතම ඉදිරියට යෑවීම
Shift + Tab : අයිතම පසුපසට යෑවීම
Enter : තේරිම
Space : තහවුරු කිරිම
Alt + (Letter) : අනුරූප සෙවිම
Ctrl + Left : පසුපස වචනයට මූසික ඉර ගෙන යාම
Ctrl + Right: ඊලග වචනයට මූසික ඉර ගෙන යාම
Ctrl + Up : පසුපස ඡේදයට මූසිකය ගෙන යාම
Ctrl + Down : ඉදිරි ඡේදයට මූසිකය ගෙන යාම
Shift + Left : වමේ සිට වචන ඉස්මතු කර පෙන්වීම
Shift + Right : දකුනු පෑත්තට ඈති වචන ඉස්මතු කර පෙන්විම
Shift + Up : දෑනට ක්‍රියාත්මක වචනය ඉස්මතු කිරිම
Shift + Down : මුසීක ඉරට යටින් ඈති වචනය ඉස්මතු කිරිම
Ctrl + Shift + Left : වම් පෑත්තට ඈති වචන ඉස්මතු කිරිම
Ctrl + Shift + Right : ඊලග වචනය ඉස්මතු කිරිම
Ctrl + Shift + Up : පසුපස ඡේදය ඉස්මතු කිරීම
Ctrl + Shift + Down : ඊලග ඡේදය ඉස්මතු කිරීම
Home : මුසීක ඊතලය පිටුවෙ ඉහලට ගමන් කිරිම
End : මුසීක ඊතලය පිටුවෙ පහලට ගමන් කිරිම
 

Normal Control Shortcuts


Arrow Keys - පෙන්විම
Shift + Arrow Keys : විවිද දෑ එකතු කිරිම
Ctrl + Arrow Keys : ඉලක්කය වෙනස් කිරිම
(Letter): මුල් වචනය එකතු කිරිම
BackSpace : මකා දෑමීම
Alt + Left : නෑවත පෙර ගොනුවට
Alt + Right: නෑවත ඉදිරි ගොනුවට
Enter : ක්‍රියාත්මක කිරිම
Alt + Enter : ක්‍රියාත්මක අයිතමයේ ගුණ බෑලිම
F2 : ක්‍රියාත්මක අයිතමයේ නම වෙනස් කිරිම
Ctrl + ඉලක්කම් පුවරුවෙ Plus : සවිස්තරාත්මක ගුණ බෑලිමට
Delete : මකා දෑමීම
Shift + Delete: මකා දෑමීම ( අතුරු ක්‍රමය )
තල්ලු කරමින් Ctrl එබීම : කොපි කිරිම
Ctrl + Shift තල්ලු කරමින් : කෙටි යතුරු නිර්මාණය
Left : මවු ගොනුව.
Right : උප ගොනුව
ඉලක්කම් පුවරුවෙ තරු සලකුණ : සියලු ගොනු පෙන්විම
ඉලක්කම් පුවරුවෙ ධන සලකුණ : සියලු ගොනු විහිදීම
ඉලක්කම් පුවරුවෙ ඍණ සලකුණ : සියලු ගොනු හෑකිලිම

Help Shortcuts


දකුණු Shift බොත්තම තත්පර - පෙරන යතුරු සක්‍රීයනය හා වසා දෑමීම
වම් Alt + වම්Shift + PrintScreen : ප්‍රබේදය සක්‍රීයනය හා වසා දෑමීම
වම් Alt + වම් Shift + NumLock : මූසික යතුරු සක්‍රීයනය හා වසා දෑමීම
තත්පර 5 ක් NumLock : ටූගල් යතුරු සක්‍රීයනය හා වසා දෑමීම
5 සෑරයක් Shift : නිතර බාවිතා නොවන  යතුරු සක්‍රීයනය හා වසා දෑමීම
Win + L : ලොගය වෑසීම
Win + P : මුද්‍රණ කලමනාකරණය
Win + C : පාලක පෑනලය
Win + V : සවිපුවරුව
Win + K : යතුරු පුවරු ගුණ
Win + I : මූසික ගුණ
Win + A : උපකාරක සේවා ගුණ
Win + Space : මයික්‍රොසොෆ්ට් බුද්ධි යතුරු
Win + S : CapsLock සක්‍රීයනය හා වසා දෑමීම


Mozilla Firefox Shortcuts

Ctrl + Tab හෝ Ctrl + PageDown - ටෑබ් අතර සෑරිසෑරීමට
Ctrl + Shift + Tab හෝ Ctrl + PageUp : ආපසු අතට ටෑබ් අතර සෑරිසෑරීමට
Ctrl + (1-9) : ටෑබ් ඉලක්කම් පිලිවෙලට සෑකසීම
Ctrl + N : නව වින්ඩෝව
Ctrl + T : නව ටෑබය
Ctrl + L හෝ Alt + D හෝ F6 : location bar වෙත පිවිසුම
Ctrl + Enter : ඉස්තානය නව ටෑබයකින් සක්‍රීයනය
Shift + Enter : ඉස්තානය නව වින්ඩෝවකින් සක්‍රීයනය
Ctrl + K හෝ Ctrl + E : සෙවුම් භාරය
Ctrl + O : ගොනු විවෘතය
Ctrl + W : ටෑබය වසා දෑමීම
Ctrl + Shift + W : වින්ඩෝව වසා දෑමීම
Ctrl + S : සුරෑකීම
Ctrl + P : මුද්‍රන පිටුව
Ctrl + F හෝ F3 : සෙවුම් භාරය
Ctrl + G හෝ F3 : සොයන්න
Ctrl + Shift + G හෝ Shift + F3 : කලින් දෙයක් සොයන්න
Ctrl + B හෝ Ctrl + I : Bookmarks සක්‍රීයනය
Ctrl + H : අතිත ගොනු
Escape : ලෝඩ් වීම නෑවතීම
Ctrl + R හෝ F5 : නෑවත ලෝඩ් වීම
Ctrl + Shift + R හෝ Ctrl + F5 : සක්‍රීය පිටුව නෑවත ලෝඩ් වීම
Ctrl + U : පිටු මූලාශ්‍ර
Ctrl + D : මතකතබා ගෑනීම
Ctrl + ඉලක්කම් පුවරුවේ ධන ලකුණ හෝ Ctrl + සමාන ලකුණ (+/=) : අකුරුවල ප්‍රමානය වෑඩි කිරීම
Ctrl + ඉලක්කම් පුවරුවේ ඍණ ලකුණ හෝ  Ctrl + ඍණ : අකුරුවල ප්‍රමානය අඩු කිරීම
Ctrl + ඉලක්කම් පුවරුවේ 0 or Ctrl + 0 : සාමාන්‍ය අකුරු ප්‍රමානය
Alt + Left or Backspace: Back.
Alt + Right හෝ Shift + Backspace : ඉදිරියට
Alt + Home : මුල් පිටුව
Ctrl + M : නව පණිවිඩ සක්‍රීයනය
Ctrl + J : භාගත වින්ඩෝව
F6 : ඊලග රාමුව
Shift + F6 : පසුපස රාමුව
Apostrophe (') : Link සොයන්න
Slash (/) : අකුරු සොයන්න

G-mail Shortcuts


C - නව පණිවිඩයක් ලියන්න
Shift + C : නව වින්ඩෝවකින් නව පණිවිඩයක් ලියන්න
Slash (/) : සෙවුම් භාරය
K : නව පණිවිඩ වෙත ඉලක්කය ගෑනීම
J : පරණ පණිවිඩ වෙත ඉලක්කය ගෑනීම
N : ඊලග පණිවිඩය
P : පසුපස පණිවිඩය
U : පණිවිඩ පිටුව
Inbox : පණිවිඩ පිටුව
X :  පණිවිඩ තහවුරු කරන්න
S : පණිවිඩ සක්‍රීයනය
R : පිළිතුරු ලියන්න
A : සියලු දෙනාට පිළිතුරු ලියන්න
F : නෑවත පණිවිඩය යවන්න
Shift + R : නව වින්ඩෝවකින් පිළිතුරු පණිවිඩය යවන්න
Shift + A: සියලු දෙනාට නව වින්ඩෝවකින් පිළිතුරු පණිවිඩය යවන්න
Shift + F: නව වින්ඩෝවකින් නෑවත පණිවිඩය යවන්න
Shift + 1 (!) : සලකුණු කරන්න
G ඊලගට I :  "Inbox" බලන්න
G ඊලගට S : "Starred" බලන්න
G ඊලගට A : "All Mail" බලන්න
G ඊලගට C : "Contacts" බලන්න
G ඊලගට S : "Drafts" බලන්න

F1-F9 දක්වා

F1 / දකුණු ඊතලය - නෑවත නෑවත පෙන්වීම
F2 : "enter the char to copy up to" යන වින්ඩෝව පෙන්වීම
F3 : නෑවත විදාන පෙන්වීම
F4 : "enter the char to delete up to" යන වින්ඩෝව පෙන්වීම
F5 : නෑවත පෙර විදාන පෙන්වීම
F6 : සාම්ප්‍රදායික CTRL+Z (^z)
F7 : විදාන ඉතිහාසය මෙනුව
F8 : විදාන සමග  සෑරිසරන්න
F9 : විදාන ඉලක්කම්
Esc: මකන්න


සෑලකිය යුතුයි - මෙහි දක්වා ඈති සියලු Shortcuts සියලුම පරිගණක වල ක්‍රියාත්මක නොවිය හැකිය...එය ඔබගේ පරිගණකය මත රදා පවති...

Tuesday, February 26

ත්‍රාස්‍යජනක කථා පොත් ටිකක් කියවමු ද ?

අබිරහස්, ත්‍රාස්‍යජනක කතා පොත් කියවන්න කවුරුත් කැමතියිනේ.... එනිසා මම අද adventure කථා පොත් ටිකක් අරගෙන ආවා... මේ ටිකත් කියවල බලන්නකෝ... කලින් කියවල තිබුනත් මටනම් ආයෙත් කියවන්න හිතුනා....

 

විස්මිත දියමන්තියේ අබිරහස (පි.බි. සේනානායක)  -  DOWNLOAD

[Image]

 

හුදෙකලා සටන ( ගාමිණී සමරකෝන් ) - DOWNLOAD

 

 නිල් දියමන්ති අබිරහස. (චන්දන මෙන්ඩිස්)  - DOWNLOAD


 

ටාර්සන් සහ දිවි මිනිස්සු. (ප්‍රභාත් මිරිහාල්ල)  - DOWNLOAD

 

අවසන් මෙහෙයුම. (ගාමිණි සමරකෝන්)  - DOWNLOAD

 

Oliver Twist   - DOWNLOAD

 

 

විකුම් නදිය. (ඉනිඩ් බ්ලයිට්න්)      - DOWNLOAD

 

 

පළිගැනීමේ දුතයා. (ගාමිණි සමරකෝන්)  - DOWNLOAD

 

 

දෛවයේ සරදම. (බෙනඩින්ට් සපරමාදු)  - DOWNLOAD

 

 

ගග අද්දර කැලේ. (සෝමවිර සේනානායක)   - DOWNLOAD

 

 

 රොබින්සන් කෘසෝ.    - DOWNLOAD

 

 

දගමල්ල රහසක් රකියි.   - DOWNLOAD

 

 

අපායේ යතුර.     - DOWNLOAD

 

 

අභිරහස් උමගේ බිහිසුනු වික්‍රමය.    - DOWNLOAD

 

 

ග්‍රේලින් නිධානය.      - DOWNLOAD

 

 

අබිරහස් කාමරය.      - DOWNLOAD

 

 

ෂර්ලොක් හෝම්ස් කතා 9ක්.   - DOWNLOAD

 

 

මරණාසන්න අත්දැකීමක්! (ලසිත රවීන් උමගිලිය)  - DOWNLOAD

 

 

මාරක වෙස් මුහුණ. (පුෂ්පකුමාර මහානාම)     - DOWNLOAD

 

 

මනුස්ස ළොවට පැමිණි මළවුන්  - DOWNLOAD

 

 

සුවද යහඵවෝ. (සිඩ්නි මාකස් ඩයස්)   - DOWNLOAD

 

 

සැඩ මුහුදේ වික්‍රමය. (පී.බි.සේනානායක)   - DOWNLOAD

 

 

උගුලක සිරවෙති ( Enid Blyton )     - DOWNLOAD

 

  තවත් පොත් රැසක් ළඟදීම......

 

 

Monday, February 25

නොමිලේම නව කථා Download කරගනිමුද ? ( Collection 1 )

නව කථා පොත් කියවන්න ගොඩක් අය කැමතියි නේ.... ඒනිසා ඔන්න ඔයාලට නව කථා පොත් ටිකක් අද අරගෙන ආවා... කියවන්න ගොඩක් ආස හිතෙන පොත් ටිකක් තමයි තියෙන්නේ... සමහර කථා නම් ඔයාලා කියවල ඇති... කියවලම බලන්නකෝ කොහොමද කියලා... 

මුලින්ම PDF file  කියවන්න Adobe Reader නැත්නම් අලුත්ම version එකක් පහලින් අරගෙන ඉන්නකෝ....


 PRC file කියවන්න Mobipocket Reader එකේ අලුත්ම version එකක් පහලින් අරගන්න...


 

විරසක සමුදුර (චන්දි කොඩිකාර)

සවප්න මායා (චන්දි කොඩිකාර)

                                                            
                                                    DOWNLOAD

 

සනුත්තරා (ශකුවි) 

 


 නිම් නැති සිහිනේ (දිල්හානි වික්‍රමරත්න) 

 

සිත තාම සුවදයි (යෞවන සමින්ද රත්නායක) 

                                                    DOWNLOAD

ආදරය මුතු පාටයි (ශකුවි) 

                                                   DOWNLOAD

දේදුනු ඡායා(සංජිව මහේෂ් පෙරේරා)

                                                    DOWNLOAD

චාප බන්ධන (චන්දි කොඩිකාර) 

                                                    DOWNLOAD

ජිවිතයම ඔබයි මගේ (ගාමිණි වාසලසුරිය) 

                                                    DOWNLOAD

පරසතු සුවදක් (තරංගා දිසානායක)

                                                    DOWNLOAD

 

 

තවත් පොත් රැසක් ළඟදිම.......

 

 

 


 

                                                  

Saturday, February 23

Firefox එක Dictionary එකක් කරමු ද ?

අපි Internet එකේ මොනවහරි දෙයක් කියවනකොට අපිට තෙරුම නොදන්න වචන කොච්චරනම් හම්බවෙනව ද... ඒ වෙලාවට අපි Dictionary එකකින් පොඩි help එකක් ගන්නවනේ... ඒක ටිකක් කරදර වැඩක් නේ... මොකද අපිට වෙනමම ඒ වචන dictionary එකේ search කරන්න වෙනවා... ඒ වැඩේ ලෙසියෙන් කර ගන්න විදියක් තමයි මම කියන්න යන්නේ... මේක දා ගන්න පුලුවන් ෆයර්ෆොක්ස් (Firefox) වෙබ් බ්‍රව්සරය හරි තන්ඩබර්ඩ් (Thunderbird) මෘදුකාංගය පාවිච්චි කරන අයට විතරයි... එමගින් මේකෙන් මූලිකව ම වෙන්නෙ අපි කියවන ඉංග්‍රීසි වෙබ් පිටුවල තියන නොතේරෙන වචන වල සිංහල තේරුම අවම ආයාසයකින් බලන්න උදව් කරන එක.. මේක ෆයර්ෆොක්ස් බ්‍රව්සරයේ හරි තන්ඩබර්ඩ් වල install කරල අපිට කරන්න තියෙන්නෙ නොතේරෙන ඉංග්‍රීසි වචනෙ උඩට mouse pointer එක අරගෙන යන එක විතරයි... ක්‍ෂණිකව ඒ ඉංග්‍රීසි වචනෙට අදාළ සිංහල තේරුම බලා ගන්න පුලුවන්... ඉංග්‍රීසි වචනෙන් mouse pointer එක ඉවත් කර ගත්ත ගමන් තේරුම නැති වෙනවා... ඒ කියන්නෙ web page එකක් කියවන්න කිසිම බාධාවක් නැතුව නොතේරන ඉංග්‍රීසි වචනවල සිංහල තේරුම් බලා ගන්න පුලුවන්... ඒනිසා english webpage එකක් බලනකොට sinhala dictionary එකක් යොදා ගන්න වෙන අවස්ථා ගනන අඩු කරගන්න පුලුවන්... 

මේකෙ තියන වාසි ටිකක් තමයි පහලින් කියල තියෙන්නේ....

  * සරල බව
  * ඉංග්‍රීසි වදන්හි නිවැරදි උච්චාරණය අසා දැන ගැනීමේ හැකියාව
  * පුළුල් ආවරණය (විවිධ ක්‍ෂේත්‍රවල යෙදෙන ඉංග්‍රීසි වචන 36000ක් පමණ ඇතුළත් වෙයි.)
  * පරිවර්තනය කරන ලද වදන් පෙන්වන පැහැය, ප්‍රමාණය වැනි අංග කියවන කෙනාගෙ කැමැත්ත  අනුව  වෙනස් කර ගත හැකි බව
  * ඉංග්‍රීසි වාක්‍ය ඛණ්ඩයක (වදන් කිහිපයක) තේරුම බලා ගැනීමේ හැකියාව
  * තමන් කැමති වෙනත් වචන, අර්ථ විග්‍රහ, ශබ්දකෝෂ සහ වචනාවලි මේ software එකේ දත්ත ගබඩාවට ඇතුළත් කිරීමේ හැකියාව
  * Webpage button වැනි දෑවල අඩංගු ඉංග්‍රීසි වදන් ද ස්වයංක්‍රීයව පරිවර්තනය කිරීම
  * සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන් සඳහා උපරිම සහාය දැක්වීම
  * ඉංග්‍රීසි වදන්හි තේරුම් බලා ගැනීම හැරුණු විට වෙබ් පිටු පරිවර්තනයට, ඉංග්‍රීසි වදන් ඉගෙන ගැනීමට සහ නිවැරදි උච්චාරණය දැන ගැනීමට මෙය උපකාරී වෙයි.


 මේක වැඩ කරන්නෙ Firefox Browser එකේ version 8න් එහා එකකට විතරයි. ඔයාල මේකට කැමතියි නම් මේක දාගෙන බලන්නකෝ කොහොමද කියල....

මුලින්ම  Firefox නැති අය පහලින් Download කරගෙන ඉන්නකො... ( අලුත්ම version එකක්

 


 ඊට පස්සෙ මේ පහලින් තියෙන Add -on එක FireFox වලට install කර ගන්න.



   
මේ Button එක Click කලාට  පස්සෙ පහල Photo එක වගේ එකක්  ලැබෙයි 







 එතකොට ADD -Ons එක ඔයලගේ Firefox Browser එකට Install වෙයි. ඔයාලට තියෙන්නේ Firefox Browser එක  Restart කරන්න විතරයි

මේක වැඩ කරන්නෙ ඔයාලට අවශ්‍ය  වචනය ලගට  Mouse එක අරගෙන ගියාට පස්සෙ..මෙන්න මේ විදිහට තමයි පේන්නෙ. පහල Photo එක බලන්නකො...


මම හිතනවා ඔයාලට මේක වැදගත් වෙන්න ඇති කියලා....ඔයාලට මේක වැදගත් වුනා නම් Comment එකක් දාලම යන්න... 



Friday, February 22

ගැහැනු අය මොකද මෙච්චර වෙනස්...?


 ලෝකෙ ලස්සන වෙලා තියෙන්නේ හැම තැනකම විවිධත්වයක් තියන නිසා... එ වගේම අපි අතරත් ගැහැනු , පිරිමි විදියට කොච්චර වෙනස්කම් තියනවද... පිරිමි අය සමහර දෙවල් ගැන හිතන , දකින විදිය , තිරණ ගන්න විදිය , ක්‍රියාකරන විදියෙ ගැහනු අයට වඩා ගොඩක් වෙනස්කම් තියනවා.... මේ තියෙන්නෙ ඒ වෙනස්කම් වලින් ටිකක්.... කියවලම බලන්නකො..... එතකොට මිනිසුන් තෙරුම් ගන්න ටිකක් ලෙසි වේවි... මොකද මේවා ස්වභාවයෙන්ම අපට ලැබුන දේවල් නිසා.... බලන්නකෝ ඇත්තද කියලා....




මල්ටි ටාස්කින්(Multi Tasking): 

 කාන්තාවන්ගේ මොළය සැකසී ඇත්තේ ඔවුන්ට එක්වර කාර්යයන් රැසක නිරත විය හැකි ආකාරයටය.එම නිසා ඔවුන්ට රූපවාහිනිය නරඹන අතරේ දුරකතන සංවාදයක යෙදෙමින් ආහාර පාන පිලියෙල කිරීම සුළු දෙයකි.
නමුත් පිරිමින්ගේ මොළය සැකසී ඇත්තේ එක්වරකට එක් කාර්යයක පමනක් නිරත විය හැකි ආකාරයටය.ඔවුන්ට රූපවාහිනිය නරඹන අතරේ දුරකථන සංවාදයක යෙදීම
අපහසු වන අතර ඔවුන් කරනු ඇත්තේ රූපවාහිනිය මදකට නවතා දුරකථන සංවාදයේ යෙදීම හෝ ඇමතුම නොසලකා හරිමින් රූපවාහිනී වැඩසටහන නැරඹීමයි.

 

භාශා හැකියාව(Language): 
 
කාන්තාවන්ට ඉතා පහසුවෙන් භාශාවන් ඉගෙනගත හැකි නමුත් ගැටළු විසදීම අපහසු වේ. පිරිමින්ට භාශාවන් ඉගෙනීම අපහසු වන නමුත් ඔවුන්ට පහසුවෙන් ගැටළු විසදීමට හැකි වේ.වයස අවුරුදු 3ක් වන දැරියක් සතුව එම වයසේ පසුවන දරුවෙකුට වඩා තෙගුණයක් විශාල වචනමාලාවක් පැවතීමට හේතුව වන්නේ එයයි.

 

විශ්ලේෂණ හැකියාව(Analytical Skills):
 
පිරිමි මොළයේ විශාල පෙදෙසක් විශ්ලේෂණ කාර්යයන් සදහා වෙන් වී ඇත. එම නිසා ඔවුන්ට යම් කිසි ගැටළුවක් විශ්ලේෂණය කර ඒ සදහා විසදුමක් ලබා දීම හෝ ගොඩනැගිල්ලක සංකීර්ණ සැලසුමක් තේරුම් ගැනීම අපහසු නොවේ.නමුත් කාන්තාවකට ගොඩණැගිල්ලක සංකීර්ණ සැලසුමක් තේරුම් ගැනීම අපහසු කාර්යයකි,ඔවුන්ට එය තේරුමක් නොමැති ඉරි රාශියක එකතුවක් පමනක් වනු ඇත.

 

රිය පැදවීම(Driving):
 
පිරිමියෙකු රිය පැදවීමේදී ඔහුගේ මොළයේ විශ්ලේෂණ කාර්යයන් සදහා වෙන් වී ඇති පෙදෙස් බෙහෙවින් ක්‍රියාත්මක වේ.පිරිමියෙකු රිය පදවන විට ඈතින් එන වස්තුවක් දුටු වහා ඔහුගේ මොළය වස්තුව කුමක්ද යන්න (බස් රථයක් ද,මෝටර් රථයක්ද),වස්තුවේ වේගය,එහි දිශාව යන්න ක්‍ෂණිකව හදුනා ගනී. නමුත් කාන්තාවකගේ මොළය වස්තුවේ වේගය සහ දිශාව හදුනා ගැනීමට වැඩි වේලාවක් ගත කරයි.එම නිසා රිය පැදවීමේදී කාන්තාවන් පිරිමින්ට වඩා බොහෝ පසුපසින් සිටී.

 

බොරු කීම(Lying):
 
පිරිමියෙකු කාන්තාවකගේ මුහුණට බොරුවක් කී විට ඇය ඉතා පහසුවෙන් ඔහුව අල්ලා ගනී.පිරිමියෙකු කාන්තාවක් ඉදිරියේ යමක් ප්‍රකාශ කරන විට කාන්තාවගේ මොළය ඔහුගේ මුවෙන් පිට වන වචන ග්‍රහනය කරන්නේ 10%ක් පමනක් වන නමුත් ඔහුගේ මුහුනේ හැගීම් 70% ක්ද ඔහුගේ සිරුරේ අංග චලනයන් 20%ක් ද ග්‍රහනය කරයි.නමුත් පිරිමියෙකුගේ මොළයට මෙම හැකියාව නොමැති අතර එම නිසා කාන්තාවන් ඉතා පහසුවෙන් පිරිමින්ගේ මුහුණට මුහුණ බොරු පවසයි.

 

ගැටළු විසදීම(Problem Solving): 
 
පිරිමියෙකුට ප්‍රශ්ණ රාශියක් ඇති විට ඔහුගේ මොළය එම ප්‍රශ්ණ වර්ගීකරණය කරන අතර ඒ එක් එක් ප්‍රශ්ණ මොළයේ වෙනස් වෙනස් ස්ථාන වල රදවා එම ගැටළු එකිනෙක වෙන වෙනම ගෙන ඒවා විසදයි.පිරිමියෙකු ගැටළුවකට මුහුන දුන් විට ඔහු තනි වී අහස පොලව ගැටලන්නට මෙන් කල්පනා කරන්නේ එබැවිනි.කාන්තාවකට ප්‍රශ්ණ රාශියක් ඇති විට ඇයගේ මොළයට එම ප්‍රශ්ණ වර්ගීකරණය කිරීමේ හැකියාවක් නොමැත.ඇයට අවශ්‍ය කිසිවෙකු හෝ ඇයගේ ප්‍රශ්ණ වලට සවන් දීම පමනි.කිසිවෙකු සමග ඇයගේ ප්‍රශ්ණ සියල්ල පැවසූ විට ඇය සතුටට පත්වන අතර ප්‍රශ්ණ විස්දුවාද නැද්ද යන්න ඇයට ගැටළුවක් නොවේ.

 

රැකියාව සහ සම්බන්ධතා(Work & Relations) :
 
කාන්තාවක් ඇයගේ සම්බන්ධතා පිලිබදව සෑහීමකට පත් නොවේ නම් ඇයට ඇයගේ රැකියාව කෙරෙහි අවධානය යොමු කිරීම අපහසු වේ.පිරිමියෙකු ඔහුගේ රැකියාව කෙරෙහි සෑහීමකට පත් නොවේ නම් ඔහුට ඔහුගේ සම්බන්ධතා කෙරෙහි අවධානය යොමු කිරීම අපහසු වේ.

 

කථනය(Speech) : 
 
කාන්තාවන් බොහෝ දේ ව්‍යංගයෙන් පවසන අතර පිරිමින් බොහෝ දේ ඎජුව පවසයි.

 

හැගීම් පාලනය(Emotion Handling) : 
 
කාන්තාවන් බොහෝ විට ගැඹුරට නොසිතා කථා කරන අතර පිරිමින් බොහෝ විට ගැඹුරට නොසිතා ක්‍රියා කරයි.


උපන්ලප වලින් කියන රහස් ගැන දන්නවද ?

අපේ ඇඟේ තියන උපන්ලප වලින් වාසනාව අවාසනාව ගැන අනාවැකි කියනයන්න පුලුවන්ලු නේ.... සමහර අයනම් කියන්නේ උපන් ලප අපේ කලින් ආත්මවල ඉඳන් අරන් එන කර්ම මේ ආත්මෙදි පෙන්වා දෙන ක්‍රමයක් විදියටයි... උපන් ලපය නිසා ලැබෙන වාසනාව හෝ අවාසනාව  උපන් ලපය පිහිටා ඇති ස්‌ථානය, එහි පාට සහ එය කොතරම් විශාලද කියන කරුණු මත තීරණය වෙනව ලු.... කියවල බලන්නකො මේ කියල තියන අනාවැකි ඔයාලට හරි ද කියලා...අනාවැකිනේ... ඒනිසා වරදින්නත් පුලුවන්... හරියන්නත් පුලුවන්... කොහොම හරි මෙන්න මේවා තමයි උපන්ලප වලින් හෙලිකරන රහස්...  

මුලින්ම බලමු ඇඟේ ඉදිරිපස තියන උපන්ලප  වලින් කියවෙන්නේ මොනවද කියල...



[Image]

උපන් ලපය 01  
ඔබේ ජීවිතය අභියෝගාත්මකය. අසීරු කාලවලට මුහුණ දෙනු ඇත. නමුත් ශරීරයේ ඉදිරිපස පිහිටා තිබෙන මෙවැනි උපන් ලප රතු පැහැති නම්, එයින් සංකේතවත් වන්නේ එම අභියෝග ජයගෙන ඉදිරියට යන බවයි.

උපන් ලපය 02
ඔබ පහසුවෙන් ම පීඩනයට හසුවන අයෙකි. විශේෂයෙන්ම ඔබ ආදරය කරන අය නිසා නිතර සිත් තැවුල් ඇති කර ගැනීමට ඉක්‌මන් වේ. නමුත් ඒ සෑමවිටම ගැඹුරු හුස්‌මක්‌
රැගෙන අනවශ්‍ය ළතැවිල්ල පා කර හරින්නට අමතක කරන්න එපා.

උපන් ලපය 03
ඔබ ජනප්‍රිය හා ප්‍රයෝජනවත් අයෙකි. එක පිට එක පැමිණෙන අභියෝග නිසා ඔබගේ ජීවිතය කාර්ය බහුල වනු ඇත. ඔබට වැඩවලින් අඩුවක්‌ නැත. එසේම සමාජශීලි බවෙන්ද ඔබ ඉදිරියෙන් සිටී. එයට හේතුව වනුයේ හොඳින් වගකීම් උසුලමින් ඉහළට යාමට ඔබ තුළ ඇති ආශාව නිසා ය.

උපන් ලපය 04
මෙම උපන් ලපය හිමි ඔබ ආහාර පුරුදුවලදී ප්‍රවේශම් විය යුතුය. විශේෂයෙන්ම උපන් ලපය කළු පැහැති නම් සහ හොඳින් කැපී පෙනෙයි නම් හොදින් සැලකිලිමත් විය යුතුය. අවේලාවලදී පමණ ඉක්‌මවා ආහාර නොගන්න. නමුත් මෙම උපන් ලපය ලා පැහැති නම් ඔබගේ සහකරු හෝ සහකාරිය ඔබට බෙහෙවින් ආදරය කරයි.

උපන් ලපය 05
ළයේ ඉහළ කොටසේ පිහිටා තිබෙන මෙම උපන් ලපයට හිමිකම් කියන අයට දුක්‌ කරදර ස්‌වල්පයක්‌ සහිත ප්‍රීතිමත් ජීවිතයක්‌ සංකේතවත් කරයි. නමුත් වයස අවුරුදු පනස්‌ ගණන්වල පසුවෙද්දී සෞඛ්‍යය ගැන නිරෝගීකම පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

උපන් ලපය 06
මෙම උපන් ලපය හිමි තැනැත්තා ලොකු සිහින දකින, ඉතාම අපේක්‌ෂා සහගත පුද්ගලයෙකි. ඔබගේ දෛව සටහනේ සාර්ථකත්වය ගැන ඉහළින් සඳහන් ව ඇති නම් එම සිහින සහ අපේක්‌ෂා අනාගතයේ යථාර්ථයක්‌ වනු ඇත.

උපන් ලපය 07
මෙවැනි උපන් ලපයක්‌ හිමිවන්නේ ත්‍යාගශීලී හා කරුණාබර හදවතක්‌ හිමි අයටය. එසේම ඔබ තමන් කරන කාර්යයේ අවංකකම හා විශ්වාසනීයත්වය
රැකෙන පරිදි කටයුතු කිරීමට වගබලා ගනී.

උපන් ලපය 08
උදරය මත ඇති මෙම උපන් ලප හැම අතින් ම වාසනාවන්ත ජීවිතයක්‌ සංකේතවත් කරයි. ඔවුන්ගේ ජීවිතය සැහැලුවෙන් ගලා යන්නකි. අවදානම් සහගත තත්ත්වයක්‌ අඩුය. ආරක්‌ෂිතය. උපන් ලපය ප්‍රමාණයෙන් කුඩා නම් මේ ගුණාංග තවත් ඉහළ යයි.

උපන් ලපය 09
උදරයේ පහළ කොටසේ ඇති මෙම උපන් ලපය හිමි තැනැත්තා ඉතාම සෞභාග්‍යවත් පුද්ගලයෙකු බව හඟවයි. එයද ප්‍රමාණයෙන් කුඩා වන්නේ නම් වාසනා ශක්‌තිය විශාල වේ. එම උපන් ලපය තද පැහැය මෙන්ම පැහැදිලිව දැකගත හැකි එකක්‌ විය යුතුය. නාභිය අසලින් ම පිහිටා තිබේනම් ඔහු විශාල ධනවතෙකු වනු ඇත.

උපන් ලපය 10
පුරුෂයෙකුගේ මෙම ස්‌ථානයේ උපන් ලපයක්‌ පිහිටා ඇති නම් ඔහුට දරු සම්පතින් අඩුවක්‌ නැත.

උපන් ලපය 11
පපු පෙදෙසේ පිහිටා ඇති මෙම උපන් ලපයෙන් කියෙවෙන්නේ කීකරු දරුවන් ඔබ වෙත සතුට
රැගෙන එන බවයි. එම නිසා ඔබට ආඩම්බර වීමට පුළුවනි.

උපන් ලපය 12
මෙම උපන් ලපය විශාල වාසනාවක්‌ උදාකර දෙනු ඇත. සැහැල්ලුවෙන් ගලා යන ජීවිතයේ අනපේක්‌ෂිත වාසනාවන්ගෙන් ද අඩුවක්‌ නැත. මෙම උපන් ලප යුගල ලෙස පිහිටා ඇත්නම් ධනවත්, සෞභාග්‍ය සම්පන්න ජීවිතයකට හිමිකම් කියයි.

උපන් ලපය 13
පුරුෂයෙකුට මෙම උපන් ලපය පිහිටා ඇතිනම් ඔහුට සුන්දර බිරිඳක්‌ ලැබෙයි. ස්‌ත්‍රියකට නම් කඩවසම් සැමියෙක්‌ ලැබෙනු ඇත. මෙම උපන් ලපය හිමි තැනැත්තා සුන්දර පෙනුමකට උරුමකම් ඇත්තෙකි.

උපන් ලපය 14
පුරැෂයකුගේ මෙය පිහිටා තිබේනම් සෞභාග්‍ය සංකේතවත් කරයි.එය භාහුවේ යටි පැත්තට වන්නට සැඟවී මෙන් පිහිටයි නම් ඡීවිතයේ උසස් ස්ථානයකට පත්වෙයි.
මෙවැනි උපන් ලපයක් හිමි කාන්තාවක් ඇය සිය දරුවන්ට ඉහලම ආරක්ෂාවත් ආදරයත්උරුමකරදීමට කැපවෙයි.

උපන් ලපය 15
මෙම ලපයෙන් කියවෙන්නේ ඕනෑම දෙයක් ලබාගැනීමට ඔබ වෙහෙස වී වැඩ කලයුතු බවයි.විශේෂයෙන් ඇඟ වෙහෙස වී වැඩ කිරීමට සිදුවනු ඇත.

උපන් ලපය 16
මෙයින් අදහස් කරන්නේ බොහෝ වෙහෙස වී වැඩ කලත් ප්‍රතිපල ලබාගැනීමට අපහසු බවයි.මෙය කාන්තාවකට නම් මුදල් පිලිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු අතර අර පරෙස්සමෙන් වියදම් කල යුතු කෙනකි.මහන්සියෙන් උපයාගත් මුදල් ක්ෂනිකව වැයවී යන කාරනා ඔබට සුලබව යෙදේ.

උපන් ලපය 17
මෙයින් සංකේතවත් වන්නේ ඡීවිත කාලය පුරාම ඔබ මුදල් සමග හොඳින් ගැවසෙන කෙනකු බවයි.අතේ ගැවසෙන මුදල් ඔබගේම නොවන්නට පුලුවන.නමුත් ඔබ ප්‍රවේසම් විය යුතුය.මෙය අනතුරු අඟවන උපන් ලපයකි.

උපන් ලපය 18
ප්‍රතිපත්ති ගරුකබව අඩුවෙන් ඇති කාන්තාවන් අතෙහි මෙම උපන් ලපය පිහිටා තිබේ.පමන ඉක්මවා මුදල් වියදම් කිරීමේ දුර්ගුනයද ඇය සතුය.මෙම උපන් ලපය හිමි ස්ත්‍රී පුරුෂ සැවොම මුදල් වියදම් කිරීමට ආශාකරන අයයි.සැමටම ආර්තික අතින් දුෂ්කරතා වලට මුහුන පෑමට සිදුවේ.පුන්‍ය කටයුතු සඳහා මුදල් දීමට පුරුදු වන්න.ඒමගින් අර්තවත් දේ සඳහා පමනක් ඔබ මුදල වැයකිරීමට පුරුදු පුහුනුවනු ඇත.ඔබ ධනවත්මුත් ලැබෙන ආදායමට වඩා වියදම් ඉහල ස්වභාවයක් දිස්වේ.නමුත් මෙය පිහිටා ඇත්තේ දකුණු අතේ නම් එවැනි අයෙකු වෙත ධනය ගලාඑන බවටද විස්වාසයක් පවතී.

උපන් ලපය19
කලවයේ ඇතුල් පැත්තට වන්නට උපන් ලපයක් හෝ ලප කීපයක් ඇත්නම් උපතින් හිමිවන ධනයකට උරුමකම් කියයි.කාන්තාවකගේ මෙසේ පිහිටියේ නම් ඇය ස්වඋත්සාහයෙන්ම ධන වාසනාව උදාකරගත යුතුබව පැවසේ.

උපන් ලපය20
මෙම උපන් ලපය සුබ ලකුණක් නම් නොවේ.මෙමගින් ඡීවිතයේ අසීරු කාල පරිඡිඡේදය සහ වියදම් හඟවනු ඇත.

උපන් ලපය21
පුරුෂයකුගේ මෙය පිහිටියේ නම් එමගින් සංකේතවත් කරන්නේ සතුට හා සංචාරයයි.රැකියා සඳහා දුර බැහැර ගමන් හෝ පිටරට යාමට සිදුවනු ඇත.උපන් ලපය තිතක් මෙන් කුඩානම් සතුට පෙන්වයි.නමුත් එය කැළලක් මෙන් විශාල නම් එයින් අදහස් වන්නේ සංචාරවලදී විවිධ ගැටලු මතුවිය හැකි බවයි.


( Source : Reader's Digest Magazine )