Thursday, February 21

Laptop battery එකේ lifetime එක වැඩිකර ගනිමු. ( PART 2 )


8. භාවිතා නොකරන අවස්ථාවලදී Wireless Internet සහ Bluetooth ක්‍රියා විරහිත කර තබන්න. 


මේ දෘඩකාංග Disable හෝ Enable සදහා නවීන Laptop වල වෙනමම Switch එකක් පවා තිබෙන අතර එසේ නැති නම් පහත ක්‍රම වලටත් එම දේ සිදුකරගන්න පුළුවන්.


9.RAM මතකය පරිගණකයට නිසි ධාරිතාවයට හැකි නම් වැඩි කරගන්න. 


ඔබ ඇතැම් විශාල මෘදුකාංග භාවිතා කරන විට එය RAM මතකයට පමණක් ගබඩා කර ගන්න නොහැකි අවස්ථාවලදී දෘඩ තැටියේ තනා ගන්නා Virtual memory කියන මතකය තමයි භාවිතා කරන්නේ. ඉතින් මේ සදහාත් දෘඩතැටියට වඩාත් වෙහෙසෙන්න සිදුවෙනවා කියන්නේ තවත් බලයත් වැඩියෙන් අවශ්‍යයි කියන එක. ඒවගේම නිරතුරුව මෙම ක්‍රියාදාමටත් දෘඩ තැටිය දායක වෙනවා කියන්නේ එහි ආයු කාලයටත් මෙය බලපෑමක් ඇති කරන්නට හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ අළුතින් Laptop එකක් ගන්න සිතාගෙන ඉන්නවා නම් ටිකක් වැඩියෙන් RAM ධාරිතාවය තිබෙන එකක් ගන්න එක මේ කාරනේ ඉටුකරගන්න වගේම එය අනාගතයටත් ප්‍රයෝජනයක් වේවි. මොකද ඉදිරියට නිපදවන මෘදුකාංග බොහෝමයකට මෙම RAM ධාරිතාවයත් වැඩි වැඩියෙන් අවශ්‍ය වෙන්න ඉඩ ඇති නිසා. හැබැයි ඇතැම් විට පැවසෙනවා RAM වැඩිවෙන්න වැඩිවෙන්න එයටද තව බලයක් සැපයෙන නිසා තමන්ගේ කාර්යයන්ට අවශ්‍ය වන ප්‍රමාණයට හා පරිගණකයට ගැලපෙන පරිදි එය වැඩි කර ගැනීමටත් සිතන්න වේවි.


10.CD/DVD ධාවක භාවිතය අවම කිරීම. 


මෙවැනි ධාවකවලට ක්‍රියාත්මක තත්වයේදී සෑහෙන්න බලයක් සැපයිය යුතුයි. ඒ නිසා හැකිතාක් දුරට සංයුක්ත තැටි ධාවක යන්ත්‍ර භාවිතයට වඩා එම මෘදුකාංග දෘඩ තැටියට ‍පිටපත් කර භාවිතය හෝ එසේ නොහැකිවන අවස්ථාවල එම තැටි වල ඇති දත්ත iso හෝ වෙනයම් ආකාරයේ image බවට පත්කොට ඒවා දෘඩ තැටිය පිටපත් කර Virtual CloneDrive වැනි මෘදුකාංග ආධාර කරගෙන භාවිතා කරන්න. ඒවගේම භාවතා කර අවසන් වූ පසු සංයුක්ත තැටි නිකරුනේ ධාවකය තුල නොරදවා සිටීමත් සිතට ගැනීම යහපත්.


11.පරිගණක ක්‍රීඩා, ගීතවලට සවන් දීම හා DVD චිත්‍රපටි ආදිය නැරඹීමට Laptop පරිගණක භාවතා කිරීම හැකිතාක් අවම කරන්න. 


මේ කියන දේට නම් ඔබ මා සමග අමනාප වෙන්නටත් ඉඩ තියෙනවා. මමත් මේ දේවල්වලට කැමතියි තමයි. හැබැයි ඉතින් මේ සියළුම දේවල් සෑහෙන්න බැටරි බලය ලබා ගන්නා ක්‍රියාකාරකම්. ඉතින් ඒවා අවම කිරීම බැටරිය පැත්තෙන් නම් බැළුවහම හොදයි. ඒ එක්කම Screen Saver ක්‍රියා විරහිත කරල තැබීම, අනවශ්‍ය අවස්ථාවල Laptop එකේ Volume එක අවම කර හෝ Mute කර තබා ගැනීමත් අවශ්‍ය නැති වෙලාවලදී High-Definition off කර තබා ගැනීමත් සෑහෙන්න වෙලාවක් බැටරිය චාර්ජ් එකේ තියා ගන්න උදව්වක් වේවි. ඒවගේම අනවශ්‍ය අවස්ථාවල Video Card Graphic Performance එක අඩුවෙන් භාවිතයත් ඉතින් භාවිතයට ගත්තට වරදක් නැහැ. ඒ වගේම Aero Glass වගේ අලංකාරවත් ලක්‍ෂන ක්‍රියාත්මක නොකර භාවිතයත් දිගුවේලාවක් බැටරිය භාවිතයට ගන්නට උදව්වක්.


12.බැටරිය පමණක් භාවිතා කර පරිගණකය පාවිච්චි කරන්නේ නම් එම කාර්යය හැකි ඉක්මනින් අවසන් කර Shutdown කිරීම.


 ඔබ ප්‍රධාන විදුලි සැපයුමට සම්බන්ධ කිරීමෙන් තොරව හෝ දීර්ඝ වේලාවක් පරිගණකයේ බැට්රිය ආධාරයෙන් පමණක් Laptop එක භාවිතා කරන්නේ නම් හැකි ඉක්මනින් ඒ වැඩේ අවසන් කොට Shutdown කිරීමත්. නැවත හැකි විගස බැට්රිය චාර්ජ කිරීමත් හොදයි.


13.Laptop මිලදී ගැනීමේදී Energy efficient laptop එකක් ගැනීමට අවධානය යොමු කිරීම. 


හැකියාවක් ඇතොත් මේ ගැනත් අවධානය යොමුකරන්න. ඒ වුනත් අපි පරිගණකයේ දෘඩාංගවල ධාරිතාවන් කෙතරම් විශාල දැයි හිත යොමුකලත් මේ ගැන එතරම් අවධානය යොමුනොකරන බව තමයි බහුලවම සිදුවෙන්නේ. ඉතින් ලංකාවේදී නම් කොතරම් දුරට ප්‍රායෝගිකව මෙම සිද්ධාන්තය භාවිතා කරන්නේදැයි නොදන්නේමුත් හැකිනම් 5-star ratings යටතට ගැනෙන Laptop පරිගණක තමයි මිලදී ගන්නට නම් කියන්නේ. මෙන්න මේ සබැදියට ගියොත් දැන් තියෙන එම ආකාරයේ 5-star ratings Laptop මොනවාදැයි බලා ගන්න හැකිය.


14.Power Options භාවිතා කරන්න.


ඔබ Windows XP පරිශීලකයෙක් නම් එහිදී Max Battery නම් Power Scheme එකද Vista හිදී Mobile PC නම් Power Plan එක තෝරාගෙන ඔබගේ පරිගණකයේ බැට්රිය වඩාත් කාර්යක්‍ෂම ලෙස වැඩි වේලාවක් භාවිතා කල හැකි අයුරින් සුසර කර ගත හැක.


15. Hibernate Mode එකේ තැබීම Sleep Mode (Stand By mode) එකේ තබනවාට වඩා හොදයි.


Sleep Mode එකේදී Laptop පරිගණකයේ දෘඩ තැටිය හා ‍තිරය ක්‍රියාවිරහිතවී තිබුනත් RAM මතකය ක්‍රියාත්මක තත්වයේ පවතී. ඉතින් ඒ කියන්නේ බැටරියෙන් බලය ලබා ගන්නවානේ. හැබැයි Hibernate Mode එකේදී එසේ RAM මතකය ක්‍රියාත්මක වීමකින් තොරව සම්පූර්ණයෙන් ක්‍රියාවිරහිත වෙන නිසා එය බැටරියේ බලය වැඩි වේලාවක් රැකගන්න හොද උපක්‍රමයක්.


16. Auto-save features ක්‍රියාවිරහිත කර තබන්න. 



ඔබ Office වැනි Package භාවිතයේදී දැක ඇති ස්ව්‍යංක්‍රීයව යම් වේලාවකට වරක් ඔබ කරමින් සිටින කාර්යය save වීමට සකස් කර ඇති අයුරු. හැබැයි වරින්වර මෙය සිදුවීමත් අපි මුලින් සලකාබලපු Schedule Task එකක් වගේ නිසා මේවාටත් බලය වැඩිපුර ‍වැයවෙනවා.


17.ඔබේ Laptop එක Cool and Clean විදියට තබාගන්න.


 උශ්නත්වය වැඩිවීම කියන්නේ පරිගණක ක්‍ෂෙත්‍රයේ බොහෝ දේට නිහඬ මාරයෙක් වගේ කියල කියන්න පුළුවන්. පරිගණකය උණුසුම් වැඩිවෙන්න, වැඩිවෙන්න එය සිසිලනය සදහා යොදවා තිබෙන Fan වැඩකරන්නට පටන් ගන්නවා. ඒ සදහාද බැට්රි වලින් බලය ලබා ගැනීම ඉක්මනින් ඒවා විසර්ජනය වීමට හේතුවක්. ඒනිසා හොද වාතාශ්‍රයක් (ventilation) පරිගණකය භාවිතයේදී එයට ලබාදීම, blanket එකක් හෝ ඇඳක් උඩ මේට්යක වැනි මෘදු මතුපිටක් උඩ තබා Laptop පරිගණකය ක්‍රියා නොකිරීමට වගබලා ගැනීමත් වැදගත්. ඒ එක්කම මාස කිහිපයකට වරක් Laptop පරිගණකය ඇතුලත පිරිසිදු කර ගැනීමත් ඉතා හොදයි. මොකද පිටත අපි කෙතරම් පිරිසිදුව තබා ගෙන සිටියත් එහි ඇතුලත දූවිල තට්ටු බැදී තිබෙන්නට පුළුවන්. දූවිලි බැදුනම නිසියාකාරව උෂ්නත්වය පිට නොවීම නිසා තව දුරටත් පරිගණකය තුල උණුසුම වැඩිවෙන්නට එය හේතුවක්. ඔබ Laptop පරිගණක නඩත්තුව හරිහැටි නොදන්නේ නම් පළපුරුදු කාර්මිකයෙකු ලවා එය සිදු කරගන්න එක හොදයි. මොකද පරිගණකය ගලවා එය නිසියාකාරව සවිකරගත නොහැකිවීම මෙන්ම Desktop පරිගණකයක උපාංගවලට වඩා සියුම් මෙන්ම කුඩා දෘඩාංග මෙම පරිගණක වල ඇති නිසා ඒවා නිසි ලෙස නොගැලවීමෙන් සිදුවිය හැකි හානි නිසා ඔබට වෙනත් පාඩු සිදුවිය හැකි බැවින් එය ඒ පිළිබදව වෘතිකයෙකු ලවා සිදු කර ගැනීම හොදයි. එවගේම පරිගණකය හිරු එළිය ඍජුවම වැටෙන ස්ථානයක තබා පරිහරණය නොකර සිටීම වගේම වසා ඇති මෝටර් රථයක් තුල පරිගණකය තබා යෑමෙන් වැලකීමත් හොදයි. හැකියාවක් තිබේ නම් Laptop එක භාවිතා කරන විට Cooling Pad එකක් භාවිතා කිරීමත් හොදයි.


18.Software සහ Drivers Update කර ගැනීමත් සිදුකර ගන්න. 



මේක සමහරවිට ව්‍යාකූලවෙන්නත් ඇති. කොහොමද මේවා Update කරගැනීමෙන් බැටරියට බලපාන්නේ කියලත්.මෙහෙමයි අළුතින් එන Update පැරණි ඒවාට වඩා කාර්යක්‍ෂම වෙන්න ඉඩකඩ වැඩියි. ඉතින් ඒ හේතුවත් අපේ මාතෘකාවේ කාරණාවට බලපාන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට මේකේ ප්‍රතිවිරුද්ධ පැත්තත් වෙන්න ඉඩකඩ නැත්තෙම නැහැ.


19.Laptop එක ටික දවසක් භාවිතා කරන්නේ නැත්නම් බැටරිය ගලවා තබන්න.


 ඔබ සතියක් දෙකක් Laptop එක භාවිතා නොකර සිටින්නේ නම් එහි බැටරිය 40% ක් පමණ චාර්ජ් එක තිබියදී ගලවා cool තැනත තබන්න.


20. බැට්රිය නිසියාකාරව නඩත්තු කරන්න. 


Battery contacts මත ටික කාලයක් යනවිට මලකඩ හෝ දුහුවිලි බැදීමත් බැටරියේ ක්‍රියාකාරීත්වයට බාදාවක්. ඒ නිසා Laptop එක ක්‍රියාවිරහිත කරල, ප්‍රධාන විදුලි සැපයුමෙනුත් මුළුමනින්ම ඉවත් කරල බැට්රිය පරිගණකයෙන් ගලවා කොට්න් රෙදි කැබැල්ලක් ස්ර්ජිකල් ස්පිරිට් වැනි ඇල්කොහොල් එකකින් පොගවා ප්‍රවේශමෙන් බැට්රියේ contacts පිසදමන්න. ඉන්පසු එය හොදින් සම්පූර්ණයෙන්ම වියලෙන්නට හැර නැවත සවි කරන්න. මෙම පිරිසිදු කිරීම මාස 2-3 කට සැරයක් කරන්න හැකිනම් හොදයි.


නැවත අළුත් බැට්රියක් සවිකරන්නේ නම් ලාභ බාල බැට්රියක් වෙනුවට ඒ පරිගණකයට ගැලපෙන හොදම වර්ගයේ බැට්රියක් දැමීමත්, භාවිතා කරන AC adapter එක එයට ගැලපෙන එකම භාවිතයටත් තරයේ හිතට ගන්න. ඒ වගේම නව බැට්රිය මුලින්ම එයට අදාල වෙන විදියට චාර්ජ් කර ගැනීමත් වැදගත්.


ඉස්සර Laptop වල භාවිතා වුන NiMH (nickel-metal hydride) වගේ නිකල් බැට්රි සම්පූර්ණයෙන්ම විසර්ජනය වූ පසු චාර්ජ කරන්නට අවශ්‍යවුනත් දැන් භාවිතා වන lithium ion මුළුමනින්ම විසර්ජනය විය යුතු නැහැ එය නැවත ආරෝපණය කරන්නට. හැබැයි ඒ වගේම මෙම lithium ion බැට්රි සම්පූර්ණයෙන්ම විසර්ජනය නොවී පවත්වා ගැනීමත් වැදගත්. ඒ වගේම පරිගණතය හා ලබාදෙන අත්පොතේ මේ පිළිබදව සියළුම විස්තර නිවැරදිව ඇති නිසා එය පරිශීලනය කර නිසියාකාරව එම කටයුත්ත සිදු කර ගැනීම හොදයි.


හැකි සෑම විටකම ඍජුව ප්‍රධාන විදුලි සැපයුමට AC adapter එක සවිකරනවා වෙනුවට UPS එකක් හරහා විදුලිය ලබා දී බැට්රිය චාර්ජ් කර ගැනීම වඩාත් කාලෝචිතයි...


ලිපිය නම් බොහොම සරල
යි. ඒනිසා තේරුම් ගන්න අමාරු වෙන එකක් නෑ...  මේ උපක්‍රම TRY කරලා බලන්න.ඒ වගේම ඔයාලත් මීට අමතරව තව ක්‍රම දන්නවනම් කියන්න... (
උපුටා ගැනීමකි. )

Do you like this story?

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...