ලැප්ටොප් බැටරිය ඉක්මනටම බැහැලා යන එක ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් නේද?
එහෙනම් මේ ලිපිය පොඩ්ඩක් කියවලා බලන එක ඔබට ප්‍රයෝජනවත් වේවි කියලා හිතනවා...මෙන්න මේ උපක්‍රම ඔබ මේ වන විට අත්හදා බලලා නැත්නම් කරල බැලුවට වරදක් වෙන එකක් නැහැ. ඔබ දන්නා කරුණු තියෙන්නට පුළුවන්...එත් නොදන්නා අයට දැනගන්න Share කරන්නත් කාරුණික වන්න...
1. හැකි සෑම විටම පරිගණකයේ දෘඩතැටිය Defrag කර තබාගන්න.
දෘඩතැටියේ
දත්ත ගබඩා කරන විට ඒවා එක් ස්ථනයකම නොව තැනින් තැන ගබඩා කරන බව ඔබ දන්නවා
ඇති. ඉතින් යම් ගොනුවක් RAM මතකයට ගන්නට පෙර දෘඩ තැටිය කියවන විට මෙසේ
තැනින් තැන තිබෙන දත්ත කියවන විට එයට යම් කාලයක් ගතවෙනවා වගේම Process
එකක් ලෙස එයට ගතවන කාලයත් වැඩිවේවි. ඉතින් මේ කාර්යයන් සදහා බලය ලබා ගන්නට
සිදුවෙන්නේ Laptop පරිගණකයේ විදුලි කෝෂයෙන්ම තමයි. ඒ නිසා ඔබට දැන්
වැටහෙනවා ඇති මේ දේට වැඩි කාලයක් ගතවන විට එයට බලය විදුලි කෝෂවලින් සපයන්න
වෙන කාලය වැඩිවෙනවා කියන්නේ එය ඉක්මනින් විසර්ජනය වෙන්න එයත් හේතුවක්
වෙනවා කියන එක තමයි. බලය ඉතිරි කර ගැනීමට පමණක් නොවේ Defrag කර තබාගැනීමෙන් පරිගණකය ටිකක් වේගවත් වෙන්නත් එය බලපාන එක තවත් වාසියක්.
නව
දෘඩ තැටියක් භාවිතා කරන්නට සිතා සිටිනවා නම් එය වේගවත් හා කාර්යයක්‍ෂම
එකක් වීම බැට්රිය තව ටිකක් වැඩියෙන් ආරෝපිත තත්වයෙන් තබා ගන්නට හේතුවේවි.
2. තිරයේ brightness එක අවශ්‍ය ප්‍රමාණයට අඩු කරගන්න.
වැඩි
brightness එකක් එහෙමත් නැත්නම් තිරයේ දීප්තිය වැඩියි කියන්නේ එයට තවත්
වැඩියෙන් බලය සපයන්න වෙනවාකියන එකමනේ. ඉතින් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට හැකි
තරම් මෙම දීප්තිය අඩු කරගන්න. ඔබම දැකලා ඇති Laptop පරිගණකය Power pack
එකෙන් විදුලි බලයට සම්බන්ධ කරන අවස්ථාවට වඩා එය බැටරියෙන් පමණක්
ක්‍රියාත්මක කරන කොට තිරයේ දීප්තිය අඩුවෙලා තියෙන බව. එහෙම කරල තියෙන්නෙත්
බැටරිය විසර්ජනය වන වේගය අඩුකරගන්නයි.
3.අනවශ්‍ය background applications සියල්ල ක්‍රියාවිරහිත කර තබාගන්න.
Windows
Vista සහ 7 වල තියෙන Sidebar Gadgets, Itunes, Desktop Search සහ තවත්
නොයෙකුත් මෘදුකාංග තියෙනවා අපිට හැම මොහොතෙම අවශ්‍ය නොවෙනවා වගේම ඇතැම් විට
අපි ඒවා කිසිම විටක භාවිතයට ගන්නෙත් නැහැ. ඉතින් මේ ක්‍රියාත්මක වෙන හැම
applications එකක්ම ක්‍රියාකරවන්න පරිගණකයේ CPU එකට වෙහෙසෙන්න සිද්දවෙනවා.
ඒකට බලය සපයන්නේ බැටරියෙන් කියන එක නැවත කියන්න ඕනෑ නැහැනේ. ඉතින් ඒවා ඉවත්
කිරීමත් අපි මේ කතා කරන දේට සහයක් වගේම අනවශ්‍ය යෙදුම් ක්‍රියාවිරහිත
කිරීම නිසා RAM මතකයට ඒවා ගබඩා කර ගැනීමට අවශ්‍ය නොවීමෙන් අපි ප්‍රධාන
වශයෙන් ක්‍රියාකරන මෘදුකාංගවලට පහසුවෙන් වගේම නිසියාකාරය ක්‍රියාකිරීමටත්
එය වාසියක් වේවි. ඒවගේම අපි කරන වැරැද්දක් තමයි එකම වෙලාවේ අවශ්‍ය අනවශ්‍ය
යෙදුම් කිහිපයක් එකවර විවෘත කර තබා ගැනීම. උදාහරණයක් විදියට ගත්තොත් අපිExcel භාවිතා කරන ගමන් Photoshop එහෙමත් නැත්නම් Word හෝ
වෙනත් අදාල නොවෙන මෘදුකාංගයක් හෝ ටිකකට කලින් භාවිතා කරල එය අවසන් වූ
පසුවත් පසුබිමේ නිකරුනේ එය තබා ගෙන සිටින්නට පුළුවන්. ඉතින් ඔබ දැනට කරන
කාර්යයට එය අදාල නොවන්නේ නම් ඒවායෙන් Exit වී පසුව ඔබට අවශ්‍ය මොහොතේදී
පමණක් එය විවෘත කර ගැනීම වඩාත් හොද පුරුද්දක්. ඒවගේම Multitasking වලින් හැකි තාක් වැලකී සිටීම හොදයි.
4.Search Index Disable කිරීම.
Index
එක තිබීමෙන් අපිට පරිගණකයේ ගොනු ඉක්මනින් සොයාගැනීමට එය ඉමහත් ආධාරයක්
වෙනවා නම් තමයි. හැබැයි ඒක සිදුකරගන්න සෑහෙන්න බැටරි බලයත් භාවිතා වෙනවා. ඒ
නිසා ඔබ බැටරිය ගැන තවත් සැලකිලිමත් වෙනවා නම් Search Index Disable කර
තබා ගන්න සිත යොමුකරන එක හොදයි.
5. අනවශ්‍ය Process Windows Task Manager හරහා ක්‍රියාවිරහිත කිරීම.
සමහර
වැඩසටහන් ක්‍රියාත්මක වෙනවාදැයි බැළු බැල්මට අපිට නොපෙනුනත් Ctrl + Shift
+ Esc හරහා Windows Task Manager වෙතට පිවිසීමෙන් පසු එහි Process වලදී
දැක ගන්නට පුළුවන්. එතනදී ඔබ මේ පිළිබදව දැනුවත් නම් අනවශ්‍ය Programs, End
Process කිරීම සිදුකරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම සමහර වැඩසටහන් අපි
දන්නෙත් නැහැ පරිගණකය Boot වෙන අවස්ථාවෙදීම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නා
බව. ඒවා මොනවාදැයි දැනගෙන අනවශ්‍ය නම් ක්‍රියාවිරහිත කරන්න පුළුවන් Run
වෙතට ගොස් Msconfig යයි type කොට එහිදී ලැබෙන Startup tab එකේදී ඒවා Uncheck කිරීමෙන්.
6. බැටරිය පමණක් භාවිතා කරන්නේ නම් scheduled tasks හැකිතාක් ඉවත් කර තබන්න.
ඔබ
සමහර විට වෛරස් නාශක මෘදුකාංගය යාවත් කාලීන වීමට එය Schedule කර තබනවා
වන්නට පුළුවන්. තව විවිද කාර්යයන් යම් කාලයකට වරක් සිදුකරගන්න එයත්
Schedule කර ඇති. නමුත් එයට සෑහෙන්න බලයක් වැය වන නිසා ඔබ බැට්රිය පමණක් එම
මොහොතේ භාවිතා කරන්නේ නම් එය එතරම් නුවනට හුරුනොවේවි. ඒනිසා ඒවා එවන්
අවස්ථාවල ක්‍රියාත්මක නොකර සිටිමටත්. ඔබ බැට්රිය මගින් පමණක් බලය ලබා ගන්නා
විට අන්තර්ජාලයට සම්බන්ධ නොවේ නම් එතරම් හොද පුරුද්දක් නොවුනත් බැට්රිය
පැත්තෙන් සිතා වෛරස් නාශක මෘදුකාංග හා Firewall Disable කර තැබුවාට කමක්
නැහැ.
7.අවශ්‍යවේලාවට පමණක් USB කෙවෙනි හරහා ඔබේ පරිගණකයට සවිකරන උපාංග සවිකර අනවශ්‍ය වේලාවලදී ඒවා ඉවත් කර පරිගණකය භාවිතා කරන්න.
External
mouse, PC cards, Wi-Fi, external speakers, Bluetooth සහ iPod වැනි උපකරණ
මෙසේ අවශ්‍ය නැති වේලාවට පරිගණකයෙන් ගලවා තැබීම සුදුසුයි. බොහෝදෙනෙක්
touchpad එක වෙනුවට External mouse එකක් භාවිතා කලත් එයටද අමතර බලයක්
සපයන්නට වෙන නිසා වඩාත් හොදයි touchpad එකටම හුරුවෙන එක. ඒවගේම මෙම iPod
වැනි උපාංග සවිකර තැබූවිට ඒවායේ බැටරිය ආරෝපණය වීමත් සිදුවන නිසා එයටද
ඉතින් බලය සපයා ගන්නේ Laptop බැටරියෙන්මනේ. ඒවගේම mobile phones USB හරහා
චාර්ජ් කරගන්න එක වැලකී සිටීමත් හොදයි.
No comments:
Post a Comment