Saturday, February 23

Firefox එක Dictionary එකක් කරමු ද ?

අපි Internet එකේ මොනවහරි දෙයක් කියවනකොට අපිට තෙරුම නොදන්න වචන කොච්චරනම් හම්බවෙනව ද... ඒ වෙලාවට අපි Dictionary එකකින් පොඩි help එකක් ගන්නවනේ... ඒක ටිකක් කරදර වැඩක් නේ... මොකද අපිට වෙනමම ඒ වචන dictionary එකේ search කරන්න වෙනවා... ඒ වැඩේ ලෙසියෙන් කර ගන්න විදියක් තමයි මම කියන්න යන්නේ... මේක දා ගන්න පුලුවන් ෆයර්ෆොක්ස් (Firefox) වෙබ් බ්‍රව්සරය හරි තන්ඩබර්ඩ් (Thunderbird) මෘදුකාංගය පාවිච්චි කරන අයට විතරයි... එමගින් මේකෙන් මූලිකව ම වෙන්නෙ අපි කියවන ඉංග්‍රීසි වෙබ් පිටුවල තියන නොතේරෙන වචන වල සිංහල තේරුම අවම ආයාසයකින් බලන්න උදව් කරන එක.. මේක ෆයර්ෆොක්ස් බ්‍රව්සරයේ හරි තන්ඩබර්ඩ් වල install කරල අපිට කරන්න තියෙන්නෙ නොතේරෙන ඉංග්‍රීසි වචනෙ උඩට mouse pointer එක අරගෙන යන එක විතරයි... ක්‍ෂණිකව ඒ ඉංග්‍රීසි වචනෙට අදාළ සිංහල තේරුම බලා ගන්න පුලුවන්... ඉංග්‍රීසි වචනෙන් mouse pointer එක ඉවත් කර ගත්ත ගමන් තේරුම නැති වෙනවා... ඒ කියන්නෙ web page එකක් කියවන්න කිසිම බාධාවක් නැතුව නොතේරන ඉංග්‍රීසි වචනවල සිංහල තේරුම් බලා ගන්න පුලුවන්... ඒනිසා english webpage එකක් බලනකොට sinhala dictionary එකක් යොදා ගන්න වෙන අවස්ථා ගනන අඩු කරගන්න පුලුවන්... 

මේකෙ තියන වාසි ටිකක් තමයි පහලින් කියල තියෙන්නේ....

  * සරල බව
  * ඉංග්‍රීසි වදන්හි නිවැරදි උච්චාරණය අසා දැන ගැනීමේ හැකියාව
  * පුළුල් ආවරණය (විවිධ ක්‍ෂේත්‍රවල යෙදෙන ඉංග්‍රීසි වචන 36000ක් පමණ ඇතුළත් වෙයි.)
  * පරිවර්තනය කරන ලද වදන් පෙන්වන පැහැය, ප්‍රමාණය වැනි අංග කියවන කෙනාගෙ කැමැත්ත  අනුව  වෙනස් කර ගත හැකි බව
  * ඉංග්‍රීසි වාක්‍ය ඛණ්ඩයක (වදන් කිහිපයක) තේරුම බලා ගැනීමේ හැකියාව
  * තමන් කැමති වෙනත් වචන, අර්ථ විග්‍රහ, ශබ්දකෝෂ සහ වචනාවලි මේ software එකේ දත්ත ගබඩාවට ඇතුළත් කිරීමේ හැකියාව
  * Webpage button වැනි දෑවල අඩංගු ඉංග්‍රීසි වදන් ද ස්වයංක්‍රීයව පරිවර්තනය කිරීම
  * සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන් සඳහා උපරිම සහාය දැක්වීම
  * ඉංග්‍රීසි වදන්හි තේරුම් බලා ගැනීම හැරුණු විට වෙබ් පිටු පරිවර්තනයට, ඉංග්‍රීසි වදන් ඉගෙන ගැනීමට සහ නිවැරදි උච්චාරණය දැන ගැනීමට මෙය උපකාරී වෙයි.


 මේක වැඩ කරන්නෙ Firefox Browser එකේ version 8න් එහා එකකට විතරයි. ඔයාල මේකට කැමතියි නම් මේක දාගෙන බලන්නකෝ කොහොමද කියල....

මුලින්ම  Firefox නැති අය පහලින් Download කරගෙන ඉන්නකො... ( අලුත්ම version එකක්

 


 ඊට පස්සෙ මේ පහලින් තියෙන Add -on එක FireFox වලට install කර ගන්න.



   
මේ Button එක Click කලාට  පස්සෙ පහල Photo එක වගේ එකක්  ලැබෙයි 







 එතකොට ADD -Ons එක ඔයලගේ Firefox Browser එකට Install වෙයි. ඔයාලට තියෙන්නේ Firefox Browser එක  Restart කරන්න විතරයි

මේක වැඩ කරන්නෙ ඔයාලට අවශ්‍ය  වචනය ලගට  Mouse එක අරගෙන ගියාට පස්සෙ..මෙන්න මේ විදිහට තමයි පේන්නෙ. පහල Photo එක බලන්නකො...


මම හිතනවා ඔයාලට මේක වැදගත් වෙන්න ඇති කියලා....ඔයාලට මේක වැදගත් වුනා නම් Comment එකක් දාලම යන්න... 



Do you like this story?

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...